Royal Nursing Home(Pvt)Ltd

Loading

jobs

රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම පිළිබඳ කෙටි හැදින්වීමක් —– ISO 9001-2015 ජාත්‍යන්තර තත්ව සහතිකයෙන් හා 2023 වර්ෂයේ ආසියාවේ විශිෂ්ටතම හෙද සේවා ආයතනය වශයෙන් සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා රජයේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද 2006 අංක 21 ආඥා පනතට අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ අනුමත ගෘහස්ථ හෙද සේවාවක් ලෙස PHSRC/OMI/235, හා ගිලන් රථ සේවාවක් ලෙස PHSRC/AS/21 රජයේ අනුමත ආයතනයක් වේ. සීමාසහිත රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම 2007 වර්ෂයේ ඔක්තෝම්බර් මස පළමුවෙනි දින එනම් ලෝක වැඩිහිටි දිනයේ දී ආරම්භ වූ වසර 17ක සාර්ථක ව්‍යාපාර මෙහෙයුම් පාරිභෝගික සේවා දායක තෘප්තිමත් භාවයෙන් යුත් ආයතනයේ රුපියල් මිලියන 5,000 හික්මවන ප්‍රාග්ධනයක් සමග අධ්‍යක්ෂක මණ්ඩලය කළමනාකරුවන් විධායක නිලධාරීන් වෛද්‍යවරුන් ප්‍රධාන හෙද පාලිකාවන් හෙද සොහොයුරියන් කාර්යාල නිලධාරීන් හෙද හෙදියන් සුළු සේවකයන් ඇතුළු 1200 කාර්ය මණ්ඩලයකින් සමන්විත ආයතනයක් වේ.

ගෘහස්ථ හෙද සේවා රැකියාව සම්බන්ධ ප්‍රශ්නයට පිළිතුරු

ගෘහස්ථ හෙද සේවාව යනු කුමක්ද?

රෝහලක නැවතී ප්‍රතිකාර කිරීමට තරම් අසාධ්‍ය නොවන රෝගියකු හෝ වයසක ජේෂ්ඨ පුරවැසියෙකු හට ඔහුගේ/ඇයගේ නිවසේ සිටම හෙද සාත්තුව ලබා දීම ගෘහස්ථ හෙද සේවාව ලෙස හැඳින්වේ.

රැකියාවට අවශ්‍ය සුදුසුකම් කුමක්ද?

ඔබ වයස අවුරුදු 22 ට වැඩි 50 ට අඩු විවාහක හෝ අවිවාහක උස අඩි 4 අඟල් 10 ට වැඩි සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබීම මූලික සුදුසුකම් වේ.

පිරිමි අයත් බඳවා ගන්නේ ද?

පිරිමි රෝගීන්ව රැකබලා ගැනීමට හා ගිලන්රථ සහායකයන් වෙනුවෙන් විශාල රැකියා පුරප්පාඩු ඇති බැවින් පිරිමි සේවකයන් බඳවා ගනු ලැබේ.

පුහුණුවක් නොමැති සේවකයන් බඳවා ගන්නවාද?

ඔබ හෙද සේවාව සදහා කිසිදු පුහුණුවක් මින් පෙර ලබාගෙන නොමැති නම් රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම මගින් විශේෂ කඩිනම් හෙද පුහුණුවක් නොමිලේ ලබාදෙනු ඇත එනම් දින 21ක න්‍යායික පුහුණුව හා ප්‍රායෝගික පුහුණුවක් වශයෙන් පුහුණුව ලබාදී සේවයට එක් කරනු ලැබේ.

පුහුණුව සඳහා සදහා ගෙවීමක් සිදු කළ යුතුද?

පුහුණුව සඳහා කිසිදු මුදලක් අය නොකරයි සම්පූර්ණයෙන් නොමිලේ
මෑත කාලය තුළ බොහෝ පිරිසක් අපගේ ආයතනයෙන් ලබා දෙන නොමිලේ පුහුණුව ලබා ගෙන වෙනත් ආයතනවල සේවයට සහ විදේශ රැකියාවක් සඳහා යාම හේතුවෙන් අපගේ ආයතනයේ පුහුණුවට එක්වීමෙන් පසු ආයතනය රැකියාවට එක්වීමකින් තොරව ඉවත් වන්නේ නම් පමණක් පුහුණුව සඳහා වියදම හා නවාතැන් පහසුකම් ආහාරපාන ලබා දීමේ වියදම ලෙස රු.50,000 ක ගෙවීමක් සිදු කළ යුතුය. ( මෙය අපගේ ආයතනයේ නොමිලේ ලබාදෙන පුහුණුව, නවාතැන් පහසුකම් සහ ආහාර ලබාගෙන රැකියාව සිදු නොකර ඉවත්වී යන අය සඳහා පමණක් වේ)

පුහුණු කාලය තුල වැටුප් ගෙවනවද?

පුහුණු කාලය දින 21 සඳහා වැටුප් ගෙවීමක් සිදු නොකරයි. ( නොමිලේ නවාතැන් පහසුකම් සහ නොමිලේ ආහාරපාන ලබාදෙය )

නේවාසික පහසුකම් හා ආහාර පාන ලබා දෙනවාද?

ඔබ බඳවා ගත් දිනයේ සිට නොමිලේ ආරක්ෂිත ආයතනය සතු නේවාසිකාගාර පහසුකම් හා ආහාර පාන නොමිලේ ලබාදෙයි.

රැකියාව ස්ථිර ද?

පුහුණු කාලය අවසන් වීමෙන් පසු රැකියාව ස්ථිර කරනු ලබන අතර මූලික වැටුපට අදාළව ශ්‍රී ලංකාවේ කම්කරු නීති රෙගුලාසි වලට අනුව EPF,ETF හා සියලු දීමනා ගෙවීම් සිදු කරන ශ්‍රී ලංකාවේ පළමු ගෘහස්ථ හෙද සේවා ආයතනය

මාසෙකට වැටුප කීයද?

නුපුහුණු සේවකයන් සඳහා සේවා කාලය උදෑසන 06.00 සිට රාත්‍රී 09.00 දක්වා රෝගියාගේ නිවසේ නැවතී සේවය කිරීම වෙනුවෙන් එක් දිනකට රු.2,500/= බැගින් ඔබ වැඩ කරන සේවාමුර අනුව ETF, ETF හා දීමනා සමඟ උපරිම වැටුප මසකට රු75,000/= වේ.

පුහුණු පළපුරුදු හෙද/හෙදි සහායිකාවන් සඳහා සේවා කාලය උදෑසන 06.00 සිට රාත්‍රී 09.00 දක්වා රෝගියාගේ නිවසේ නැවතී සේවය කිරීම වෙනුවෙන් එක් දිනකට රු.2,800/= බැගින් ඔබ වැඩ කරන සේවාමුර අනුව ETF, ETF හා දීමනා සමඟ උපරිම වැටුප මසකට රු84,000/= වේ.

හෙදියන් සඳහා නිල ඇඳුම් ලබා දෙනවාද?

ආයතනය විසින් විසින් නොමිලේ නිල ඇඳුම් ලබා දෙයි සේවය කිරීමේදී නිල ඇඳුමින් සේවය කිරීම අනිවාර්යයි

නිවාඩු ලබා දෙනවාද?

සෑම මාසයක් සඳහාම දින 4 හෝ 5 නිවාඩු ලබාගත හැක. ඔබ දුර පළාතක කෙනෙකු නම් එක් මසකට උපරිම නිවාඩු දින 5 එක ළඟ දවස් පහක් ලබාගත හැක

පඩි ලබා දෙන්නේ කවදාද?

සෑම මසකම පළමු වෙනි දින සිට එම මාසේ අවසාන දින දක්වා වැටුප ඊළඟ මාසයේ දසවෙනි ( 10 ) දින වැටුප් ගෙවනු ලැබේ. එමෙන්ම ඔබට අවශ්‍ය මුදල් අවශ්‍යතාවයක් සඳහා සෑම මසකම 25 වැනි දින වැටුපෙන් අත්තිකාරම් මුදල් ලබාගත හැක.

රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක්.

සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වන්නේ කෙසේද?

ග්‍රාම සේවා සහතිකය, උප්පැන්න සහතිකය, අධ්‍යාපන සහතික හා ඔබ සතුව ඇති වෙනත් සහතික සමග සදුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 09.00 සිට දහවල් 01.00 කාලය දක්වා රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගමේ ප්‍රධාන කාර්යාලය අංක 52, ඩ් සෙරම් පාර, ගල්කිස්ස. ලිපිනයට පැමිණිය යුතුය.

සම්මුඛ පරීක්ෂණයට පැමිණීමෙන් පසු එදිනම රැකියාවට තෝරා ගන්නා බව හෝ නොගන්නා බව දැනුවත් කරනවාද?

ඔබගේ සම්මුඛ පරීක්ෂණය අවසන් වීමෙන් පසු ඔබ රැකියාවට තෝරාගත් බව හෝ නොගත් බව දැනුවත් කරන අතර ඔබ පුහුණුවට හෝ රැකියාවට පැමිණිය යුතු දිනය එදිනම කියනු ලැබේ

කුඩා දරුවන් රැක බලා ගැනීමේ ඇබෑර්තු ඇද්ද?

නව උපන් දරුවන් සහ වයස අවුරුදු 2 දක්වා දරුවන් රැක බලාගැනීමට හෙදියන්ගේ ඇබෑර්තු විශාල ප්‍රමාණයක් ඇත මෙම රැකියාව සඳහා එක් දිනකට රු.2800 ලෙස මසකට ඔබ සේවා කරන වැඩ මුර අනුව උපරිම වැටුප මසකට රු.84,000/= ලබාගත හැක මෙම රැකියාව සදහා ඇතුල්වීමේ ප්‍රධාන සුදුසුකම ලෙස දරුවන් සිටින මවක් වීම අනිවාර්යය රැකියාව සඳහා අවශ්‍ය පුහුණුව නොමිලේ ලබාදෙයි

ගෘහස්ථ හෙද සේවාවේ හෙදියකට ඇති ආරක්ෂාව කුමක්ද

නව උපන් දරුවන් සහ වයස අවුරුදු 2 දක්වා දරුවන් රැක බලාගැනීමට හෙදියන්ගේ ඇබෑර්තු විශාල ප්‍රමාණයක් ඇත මෙම රැකියාව සඳහා එක් දිනකට රු.2800 ලෙස මසකට ඔබ සේවා කරන වැඩ මුර අනුව උපරිම වැටුප මසකට රු.84,000/= ලබාගත හැක මෙම රැකියාව සදහා ඇතුල්වීමේ ප්‍රධාන සුදුසුකම ලෙස දරුවන් සිටින මවක් වීම අනිවාර්යය රැකියාව සඳහා අවශ්‍ය පුහුණුව නොමිලේ ලබාදෙයි

ගෘහස්ථ හෙද සේවාවේ හෙදියකට ඇති ආරක්ෂාව කුමක්ද

ගෘහස්ථ හෙද සේවාව ලබාගන්නා රෝගීන් සහ සේවාදායකයන් අප ආයතනය විසින් පුළුල් විමර්ශනයකින් අනතුරුව එනම් රාජකාරි ස්ථානය හා පුද්ගලයින් පිළිබඳ සොයා බලා ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙස සේවාදායකයින් සමඟ ශ්‍රී ලංකාවේ දැනට පවතින කාන්තා කම්කරු නීති රීති මාලාවට අනුව ගිවිසුම්ගතව සේවා සපයන බැවින් ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම ආයතනය විසින් දරනු ලැබේ.

මාගේ නිවසේ සිට සේවය කල හැකිද?

ඔබ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු නම් ඔබට නිවසේ සිට සේවයට පැමිණිය හැක මන්ද බහුතරයක් රාජකාරි ස්ථාන පවතිනුයේ කොළඹ නගරයේ තුළ නිසාය නමුත් අප ශ්‍රී ලංකාව පුරා සේවා රාජකාරි ස්ථාන කිහිපයක් පවතින බැවින් ඔබ අපගේ ආයතනයට සේවයට පැමිණ පළමු මාස තුන අවසන් වීමෙන් පසු ඔබගේ පදිංචි නගරයට ආසන්න රාජකාරි ස්ථානයකට සේවා අවශ්‍යතාවය අනුව සිදු කළ හැක.






රැකියාවට එක්වීමට කැමති නම් මාර්ගත අයදුම්පත පුරවන්න

    Logo

    Care is Just a Phone Call Away 0711600600

    සිංහල - தமிழ் »